හැටන් පුද්ගලික බස් රථ නැවතුම්පලේ බස් රථ වේලා සටහන්කරුවෙකු සහ පුද්ගලික බස් රථ රියදුරෙකු අතර ඇති වූ ගැටුමකින් වේලා සටහන්කරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වේලා සටහන්කරු සහ රියදුරුවරයා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති බවත් එහිදී වේලාසටහන්කරු තුවාල ලබා ඇති බවත් පසුව ඔහු දික්ඔය ග්ලැන්කන් දිස්ත්රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් පොලිසියෙන් කරන ලදී විමසීමකදී හැටන් පොලිසියේ නිලධාරියෙක්ු කියා සිටියේ ඊයේ(21) රාත්රීයේ මොවුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි.
ගැටුමෙදී බස් රථ රියදුරුවරයා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් වේලා සටහන්කරු තුවාල ලබා තිබෙනවා.
ගැටුම සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.