සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
දෙරට අතර මෙම තරගය පස්වරු 2.30ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය එංගලන්තය ජයගත්තා.
ඒ අනුව තරගාවලිය ජය ගැනීම සදහා අද තරගය කණ්ඩායම් දෙකටම අතිශය තීරනාත්මක වනවා.
මේ අතර තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා එක්දින නායක චරිත අසලංක පැවසුවේ අද තරගය සදහා වනිඳු හසරංග ක්‍රීඩා කරනු ඇති බවයි .













