2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙනවා .
තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කලේ පළමුව පන්දු යැවීමටයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 25 ක් අවසානයේ කඩුළු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79 ක්.
මේ අතර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හිමිව තිබෙනවා.
ඒ තරග 4 ක් අවසානයේ ජයග්‍රහණ 3 ක් සහ ප්‍රතිඵල රහිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 7 ක් ලබා ගනිමින්.
මෙම සටහනේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත කාන්තා කණ්ඩායමටයි.
දකුණු අප්‍රිකා කාන්තා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.
කෙසේ වෙතත් ඉන්දීය කාන්තා කණ්ඩායමට මෙම සටහනේ හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.
ඒ අනුව, නවසීලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට තරග 4 ක් අවසානයේ එක් ජයග්‍රහණයක් සහ ප්‍රතිඵල රහිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 3 ක් ලබා ගෙන පස් වන ස්ථානයේ රැඳී සිටිනවා.
ඊට අමතරව, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ද තරග 4 ක් අවසානයේ ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගෙන හය වන ස්ථානයේ පසුවනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද තරග 4 ක් අවසානයේ ප්‍රතිඵල රහිත තරග දෙකක් හේතුවෙන් ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගෙන තවදුරටත් හත් වන ස්ථානයේම රැඳී සිටිනවා.
පාකිස්ථාන කාන්තා කණ්ඩායම තරග තුනක් අවසානයේ කිසිදු ප්‍රසාද ලකුණක් වාර්තා කර නොමැති අතර, ඔවුන්ට හිමිව ඇත්තේ මෙම සටහනේ අවසාන ස්ථානයයි.