ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළේ මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවයි.
ඒ හේතුවෙන් ගමනාගමන අපහසුතාව ඇතිව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇති බව ඇය අවධාරණය කළා.
ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කිහිපයක් මේ වනවිට යොදවා තිබෙනවා..
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














