ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළේ මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවයි.
ඒ හේතුවෙන් ගමනාගමන අපහසුතාව ඇතිව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇති බව ඇය අවධාරණය කළා.
ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කිහිපයක් මේ වනවිට යොදවා තිබෙනවා..
උණුසුම් පුවත්
- නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි
- නාවලපිටිය – මහනුවර පාර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ඉන්දියානු මහ කොමසාරිස්වරයා මහියංගනයේ සංචාරයක
- බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට
- ආපදා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- මන්ත්‍රී රන්වලට ඇප













