මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයත් සමග අවහිරතාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ විභාග අපේක්ෂකයින් හට අදාළ විකල්ප මාර්ග හරහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.
ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධීකරණයෙන්
තවද, හදිසි ජල ගැලීම් වැනි ආපදා අවස්ථාවන් හි දී විභාග අපේක්ෂකයින් හට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
විභාග පැවැත්වෙන දිනයන්හි දී ඉහත දක්වා ඇති පරිදි විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා ද ප්‍රවේශ වීමට නොහැකි යම් අපේක්ෂකයකු වේ නම් ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලය අමතන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළේ.
ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි ඇමතුම් අංකය වන 117 හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 දුරකථන අංක වෙතද දැනුම් දිය හැකියි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













