සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
මේ අනුව ලබන 26 වනදා සිට 30 වනදා දක්වා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහිදී අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට නියමිත බවයි ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කලේ .