අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අද(22) අලුයම ජීවිතක්සයට පත්ව ඇති බව නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශය පවසනවා.
නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මනෙත් අපූර්ව නමැති තරුණයෙක් මෙලෙස අනතුරින් මියගොස් තිබෙනවා.
රාගල නුවරඑළිය මාර්ගයේ හාවාඑළිය ෆොරස්ට් මංසන්ධියේදී මෙම අනතුර ඊයේ(21) රාත්‍රී 9.30ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තම නිවසේ සිට නුවරඑළිය දක්වා යතුරු පැදිය ධාවනය කළ තරුණයා ෆොරස්ට් මංසන්ධියෙන් යතුරු පැදිය නුවරඑළිය නගරය දෙසට ඇතුළු කිරීමත් සමග එම දිශාවටම රාගල සිට නුවරඑළිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවට අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශය පවසනවා.
ලොරි රථයේ රියදුරා නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් යතුරු පැදියට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත් තරුණයාගේ 21 වන උපන් දිනය අද(22) දිනයට යෙදී ඇති අතර අනතුරින් මියගිය මනෙත් අපූර්ව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී සම්පත් ජයලාල් මහතාගේ එකම පුත්‍රයායි.