13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් නොමැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
උතුරේ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ජනතාවට සේවයක් සිදුව නොමැති බව ද සුරේන් රාඝවන් මහතා සදහන් කළා.
13වන සංශෝධනය පොලිස් බලතල රහිතව බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ජනප්‍රිය නොවුණත්, රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ