Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

    උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

    2024-03-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවුල් අට ලක්ෂ හැත්තෑ පන්දහසකට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ හිමිවන උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය 2026 වසරේ අවසන් කිරීමේ ඉලක්කය වෙත යාම සඳහා එහි ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (15) අනුරාධපුර පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, මහමීගස් වැව ප්‍රදේශයේ සංචාරයක නිරත වුවාය.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මහ මීගස්වැව වැඩ බිම වෙත පැමිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, එහි ඉංජිනේරුවන් සමඟ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලුවාය.

    උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය හරහා අනාගතයේ දී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ඇතිකරන යහපත් සාධනීය බලපෑම අතිශය වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරිය, ඒ අනුව ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථකව අවසන් කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද මෙහිදී පැවසුවාය.

    මොරගහකන්ද ජලාශය ඉදිකිරීමත් සමඟ එහි ජලය මහකනදරාව ජලාශය දක්වා රැගෙන යාම සඳහා වූ උතුරු මැද පළාත් ඇළෙහි ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.

    කිලෝමීටර් 95.8ක සම්පූර්ණ දිගකින් යුත් මෙම ඇළ මාර්ගයෙහි කෝඳුරුවාව හා මහ මීගස්වැව ප්‍රදේශ අතර කොටස කිලෝමීටර් 27.7ක උමං මාර්ගයකින් සමන්විත වේ.

    මහ මීගස්වැව ප්‍රදේශයෙන් අධි තාක්ෂණික TBM යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් උමඟේ කැණීම් කටයුතු ආරම්භ කර, මේවන විට කිලෝමීටර් 6ක් ඉක්මවා කැණීම් සිදුකර තිබේ. එය තවදුරටත් වේගවත් කිරීම සඳහා පසුගිය නොවැම්බර් මස දී තවත් TBM යන්ත්‍රයක් යොදාගනිමින් කෝඳුරුවාව ප්‍රදේශයෙන් කැණීම් කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව කෝදුරුවාව දෙසින් ද මේවන විට මීටර් 465ක ප්‍රමාණයක් දක්වා කැණීම් කටයුතු සිදුකර ඇති බව ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ඉංජිනේරු බී.ඩබ්.එම්.ඩබ්. සෙනෙවිරත්න බංඩා මහතා සඳහන් කළේ ය.

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය මත රුපියල් බිලියන 49.8 ක වියදමින් ඉදිවන මෙම ඇළ මාර්ගය ඔස්සේ, මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය රැගෙන යාම මගින් අළුතින් කුඹුරු හෙක්ටයාර් 12500ක් සඳහා ජලය සැපයෙනු ඇත. මෙයින් පවුල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් (175000) සඳහා සෘජු ප්‍රතිලාභ ද, පවුල් ලක්ෂ 7 කට පමණ වක්‍ර ප්‍රතිලාභ ද හිමිවේ.

    ආශ්‍රීත පුවත්:  "වැදගත් වන්නේ දේශිය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවයයි."-ඇමතිනි පවිත්‍රා

    එමෙන්ම උතුරුමැද පළාත සඳහා වන පානීය ජල අවශ්‍යතාවටද මෙමඟින් විසඳුම් ලැබේ. උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය 2026 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිත ය.

    වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මහවැලි ජලසුරක්ෂිතතා ආයෝජන වැඩසටහන මඟින් උතුරු මැද පළාත් ඇළෙහි කටයුතු සිදුකෙරෙන අතර, චීන රාජ්‍ය ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාවේ (CHINA STATE ENGINEERING CONSTRUCTION CORPORATION) ඉංජිනේරුවන් මෙහි ඉඳිකිරීම් කටයුතු සිදුකරයි.

    Sri Lanka
    පෙර පුව​තරෝහල් දෙකක සංවර්ධන ව්‍යාපෘති සුව සේවාවට එක්වේ
    ඊළඟ පුව​ත කතකගේ ගෙල සිඳ මරා දමයි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group