උත්සව සමයේදී ගුණාත්මක භාණ්ඩ ජනතාවට ලබා දීම වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව වැඩි මිලට භාණ්ඩ විකිණීම මෙන්ම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන හා වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජීව වීරසිංහ මහතා පවසනවා.
මේ අතර වෙළඳපොල තුළ යම්කිසි අපහසුතාවයකට පත් වූයේ නම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය හරහා කාර්යාල වේලාව තුළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසනවා.
එමෙන්ම මිලදී ගත් භාණ්ඩ වල යම් ගැටළුවක් පවතින්නේ නම් අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, නොම්බර 27, වොක්ෂෝල් වීථිය, කොළඹ 2 යන ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














