උත්සව සමයේදී ගුණාත්මක භාණ්ඩ ජනතාවට ලබා දීම වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව වැඩි මිලට භාණ්ඩ විකිණීම මෙන්ම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන හා වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජීව වීරසිංහ මහතා පවසනවා.
මේ අතර වෙළඳපොල තුළ යම්කිසි අපහසුතාවයකට පත් වූයේ නම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය හරහා කාර්යාල වේලාව තුළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසනවා.
එමෙන්ම මිලදී ගත් භාණ්ඩ වල යම් ගැටළුවක් පවතින්නේ නම් අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, නොම්බර 27, වොක්ෂෝල් වීථිය, කොළඹ 2 යන ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
- STF නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට
- ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල
- සමගි කෘත්යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට













