Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උක් ගොවීන්ගෙ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි

    උක් ගොවීන්ගෙ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි

    2025-08-03කියවීමට මිනිත්තු 4ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පැල්වත්ත, සෙවනගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවීන් මුහුණ දී ඇති ගැටලුවලට රජය වහා විසඳුම් ලබාදිය යුතු බව ගොවි අරගල ව්‍යාපාරය පවසනවා.
    එම ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වත්තුහේවා මහතා…

    “දැන් මාස ගණනාවක් තිස්සේ පැල්වත්ත, සෙවනගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවීන් ඉන්නේ බරපතළ ගැටළු ගොඩක් එක්ක.

    දැන් කාලයක් තිස්සේ ඔවුන් මේ ප්‍රශ්නය අදාළ බලාධාරීන් එක්ක සාකාච්ඡා කලත් තවමත් ගැටළුවට විසඳුමක් ලැබිලා නෑ.
    මේ වෙද්දි සීනි මෙට්‍රික්ටොන් 23,000ක් විකුණගන්න විදිහක් නැතුව ගොඩගැහිලා. එතනෝල් විශාල ප්‍රමාණයක් තියනවා විකුණගන්න විදිහක් නෑ.
    අනිත් පැත්තෙන් උක් වගාවට පොහොර යොදන්න ඕන කාලේ ඇවිත්. නමුත් ගොවීන්ට පොහොර ටික ගන්න විදිහක් නෑ.
    පැල තවාන් නඩත්තු කරගන්න විදිහක් නෑ. ඒ කියන්නේ ඊලග කන්නයේ වගාවට අවශ්‍ය බීජ ටිකවත් ගොවීන්ට ලැබෙන්නෙ නෑ.
    අපි දන්නවා උක් වගාවෙදි සාමාන්‍යෙන් අවුරුදු තුන හතරකට සැරයක්වත් බිම් සකස් කිරීම කරන්න ඕන. හැබැයි ඒ සඳහා අවශ්‍යවන යන්ත්‍ර සූත්‍ර ටිකවත් අද ගොවීන්ට නෑ.
    ඒ වගේම තමයි විකුණපු උක් අස්වැන්නේ සල්ලිවත් ගොවීන්ට ලැබිලා නෑ. දැන් රටේ උක් ගොවියන් ඉන්නේ මේ වගේ බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් එක්ක. 
    මේ කන්නයේදී හිඟුරාන ප්‍රාන්ටේශන් එකේ ගොවීන් අක්කර 65,000ක් වගා කළා. දැන් ඒකෙන් උක් ටොන් දෙලක්ෂ පනස්දාහක් අඹරගන්න බැරුව ඉතුරු වෙන්න නියමිතයි. පසුගිය මාර්තු මාසේ කපන්න තිබ්බ උක් අස්වැන්න තමයි මේ වෙද්දි සෙවණගල ගොවීන් කපන්නේ.
    ඒ උක්ගස්වල සාරවත් බව දැන් ගිහිල්ලා. ඒ උක්ගස්වල දැන් අවශ්‍ය සීනි ප්‍රමාණය නෑ. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් ආණ්ඩුවට උක් ගොවීන් ගැන කිසිඳු තැකීමක් නෑ. අපි දැක්කා පසුගිය සිකුරාදා සුනිල් හදුන්හෙට්ටි ඇමතිවරයා මොනරාගල දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගි වුණා.
    නමුත් උක් ගොවීන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාට පස්සේ ඒ සඳහා නිශ්චිත විසඳුමක් දෙන්න ඔහුට හැකියාවක් තිබුණේ නෑ. ඇමතිවරයා කිව්වේ තව සති තුනක් ඉවසන්න කියලා. දැන් ඇමතිවරයාගේ උත්තරේ අනුව අපිට පැහැදිලියි ඔහු මේ කියන්නේ දැනට ලංකාවට ගෙන්නලා තියෙන එතනෝල් ඉවර වෙනකල් ගොවීන්ට බලාගෙන ඉන්න කියලා.
    ඊටපස්සෙ සීනි සමාගම්වල එතනෝල් විකුණගන්න. නමුත් අපි දන්නවා ඇමතිවරයා කියන විදිහට සතියෙන් දෙකෙන් එතනෝල් ඉවරවෙලා ඉබේටම විසඳන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මොකද දැනටමත් විශාල එතනෝල් ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා ඉවරයි. අනික් පැත්තෙන් දැනට බඩඉරිඟු විශාල ප්‍රමාණයක් ගෙන්නනවා.
    උක්වලට වඩා අඩු වියදමකින් බඩඉරිඟු මගින් එතනෝල් නිෂ්පාදනය කරන්න පුලුවන්. එතනිනුත් පහර වදින්නේ උක් ගොවීන්ට. අනිත් එක තමයි මේ වෙද්දි කුඹුරුවල ගොයම් කැපෙනවා. එතකොට සහල් වලිනුත් එතනෝල් නිෂ්පාදනය කරන්න පුලුවන්.
    ඒ නිසා අපිට පේනවා ඇමතිවරයා කියන විදිහට උක් ගොවීන්ට තව සති දෙකකින් ස්වර්ග රාජ්‍යය පහළ වෙන්නේ නෑ. 
    ආණ්ඩුව පැත්තෙන් මේ ප්‍රශ්නය සඳහා දිය හැකි උත්තරයක් තියනවා. එකක් තමයි සීනි නිෂ්පාදනයට අදාළව පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීම.
    අනිත් එක තමයි බඩඉරිඟු එතනෝල් නිශ්පාදනයට දීලා තියෙන බලපත්‍රය සම්බන්ධයෙක් තීරණයක් ගැනීම. හැබැයි මෙන්න මේ නිශ්චිත උත්තරේ නොදී ආණ්ඩුව උක් ගොවීන්ව කබලෙන් ලිපට ඇදලා දාලා.  
    දැන් මේ තත්වය පාවිච්චි කරල එළියට බැහැගන්න බැරුව හිටපු විපක්ෂය ටිකෙන් ටික උළුව උස්සන්න පටන් අරගෙන තියනවා. අපි දැක්කා පහුගිය දවසක සජිත් ප්‍රේමදාස පැල්වත්තේ ගොවීන් හමු වුණා.
    ඊයෙ දවසේ නාමල් රාජපක්ෂ සෙවණගල සහ පැල්වත්ත ප්‍රදේශවල රැස්වීම් පැවත්වුවා.
    එළිය බහින්න බැරුව කුජීත වෙලා හිටපු අය මේ. මොවුන් තමයි මේ ප්‍රශ්නය හැදුවෙත්. සීනි නිෂ්පාදනයට වැට් බද්ද ගැහුවේ 2023 දෙසැම්බර් 23 වෙනිදා.
    ඒ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ගෙනාව පනතකින්. එදා තමයි සුදු සීනි බේරලා රතු සීනිවලට විශාල බද්දක් ගැහුවේ.
    එදා ඒකට අත උස්සපු නාමල් රාජපක්ෂලා අද ගොවීන් ඉස්සරහට ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලනවා. ඊලගට සීනි සමාගමේ ප්‍රධාන නිළධාරීන් විදිහට ඉන්නේ යහපාලන ආණ්ඩුව එක්ක හිටපු අය.
    දැන් මාස කිහිපයකට කලින් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදි මේ පිරිස වෙනුවෙන් කතාකලා. දැන් ඒ ගෝලයෝ ටික තමයි සම්පූර්ණයෙන් උක් කර්මාන්තය හසුරවන්නේ.
    එතකොට උක් කර්මාන්තය මේ විනාශයට ඇදලා දාපු අයම තමයි දැන් වෙස් මුහුණු දාගෙන අනේ අපි හොඳයි කියාගෙන ජනතාව ඉස්සරහට ඇවිත් තියෙන්නේ. 
    මේ තත්වයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන ආණ්ඩුව. ආණ්ඩුවට ඕන තරම් හැකියාව තිබුණා උක් ගොවීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
    ආණ්ඩුව මැතිවරණයට කලින් ගොවීන්ට පොරොන්දු වුණා මේ ප්‍රශ්න විසඳනවා කියලා. නමුත් දැන් ඒ පොරොන්දු සිල්ලටම පස්ස හරවලා ආණ්ඩුවත් මේ බිමේ විපක්ෂයට බඩ පිනුම් ගහන්න අවස්ථාව හදලා දීලා බලාගෙන ඉන්නවා.
    අපි ගොවි අරගල ව්‍යාපාරය විදිහට කියන්න ඕන ආණ්ඩුව මේ වෙලාවේ විපක්ෂයට බාල් නටන්න ඉඩ දුන්නට උක් ගොවීන් ඒකට සූදානම් නෑ.
    ඒ නිසා උක් ගොවීන් ඇතුළු සියලු ප්‍රගතිශීලි බලවේග එක්ක මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබෙනකල් සටන් කරන්න අපි සූදානම් කියන පනිවුඩය මේ වෙලාවෙ අපි ලබා දෙනවා.”
    පෙර පුව​තබෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉවතට
    ඊළඟ පුව​ත ලංකා කම්කරු කොංග්‍රසය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group