ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි තරුණයෙක් හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් විසින් අද(13) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් වැටලීමකට ගොස් ආපසු හැටන් පොලිසිය වෙත පැමිණෙමින් සිටි හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හැටන් බගවන්තලාව ප්‍රදාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලව අසල රැඳී සිටි තරුණයන් දෙදෙනෙකු පිළිබඳ සැක සිතී ඔවුන් රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී ප්‍රධාන මාර්ගය අසල තෘණ බිමක සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් සොයා ගැනීමට පොලිස් නිලදාරීන් සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් එම සැකකරු රුපියල් 6000ක් ගෙවා ඊසිකෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය පැකැට්ටුව ලබාගෙන ඇති බවට තහවුරු වී ඇති බවත් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සැකකාර තරුණයාගේ දුරකථන විශ්ලේෂන සිදු කරන බවයි වැටලීම සිදු කළ හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කියා සිටියා.











