ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ ගාසා තීරය තුල ඇති මානුශීය කලාපයක් වෙතයි.
මෙම මානුශීය කලාපය ඊශ්‍රායලය විසින්ම නම් කර තිබෙන කලාපයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මිය ගිය පිරිස අතර ළමුන් 15 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
මේ අතර රුසියාව, යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයට ද හානි සිදු ව තිබෙනවා.
එසේම, ඒ අසල පිහිටි බි්‍රතාන්‍ය රජයේ ගොඩනැගිල්ලට ද එමඟින් හානි සිදුව ඇති අතර යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලේන් ප්‍රහාරය හෙලා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඩ්‍රෝන යානා 598ක්, බැලැස්ටික් මිසයිල 11ක් සහ කෲස් මිසයිල 20ක් මේ සදහා උපයෝගි කර ගැණුනා.
ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.
රුසියාව විසින් පසුගිය මාසයෙන් පසු යුක්‍රේනයේ, කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බව සඳහන්.
උණුසුම් පුවත්
- 2026 වසරේ හොඳම මධුසමය ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් එක්වෙයි
- අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්











