පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සටන් විරාමයකට ඊශ්‍රායලය එකග වී ඇති පසු බිමක මෙම ප්‍රහාරය සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඊශ්‍රායලය සරණාගත ජනතාව නවාතැන් ගෙන සිටින කූඩාරම් සහ ආධාර මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කරන බවයි.
සති පහක් වැනි කෙටි කාලයක් තුල 600 කට අධික පලස්තීන සරණාගත ජනතාවක් ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
දින 60 ක සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය එකගතාවය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් එම සටන් විරාමය සම්බන්ධයෙන් සිය එකග තාවය පළ කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපදය සදහන් කළේ මෙම සටන් විරාම සාකච්ඡා සදහා එක්සත් ජනපදය නිසැක වශයෙන්ම එකග විය යුතු බවයි.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්‍රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා