ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ඛාන් යූනිස් ප්‍රදේශයට සිදු කල යුද ටැංකි ප්‍රහාරයෙන් පුද්ගලයින් 70ක් මිය ගොස් තිබෙනවා .
එම ප්‍රදේශයට ඊශ්‍රායලය ගුවනින් බෝම්බ හෙලූ බවයි පලස්තීනය සදහන් කළේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.
මේ පිලිබදව ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නැගෙනහිර ඛාන් යූනිස් ප්‍රදේශයෙන් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල කරන බවටත් හමාස් සංවිධානය යළි එක්වීමට උත්සාහ කරන බවටත් වන බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය සිදු කල බවයි.