ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ගාසා නගරවාසීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊයේ රාත්‍රී ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා.
මියගිය පුද්ගලයින් අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් අදාළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
උණුසුම් පුවත්
- මාණික්කාවත්ත ජනපදය නායයාමේ අවදානමක් – පවුල් 13ක් ආරක්ෂිත ස්ථාන වෙත
- මොරගහහේනේ පුද්ගල ඝාතනයක්
- තායිලන්ත සූරූපියන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- වැරැල්ලේ අනතුරකින් පියා සහ පුතා මරුට – මව සහ රියදුරුට බරපතලයි
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- බම්බලපිටියේ බිහිසුණු රිය අනතුරක්
- අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
- ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරිකයින්ට ණය සහන













