නීතිවිරෝධි අයුරින් ඉන්ධන ලීටර් මිලියන 1.5 ක් රැගෙන යාත්‍රා කරමින් තිබියදී ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකාය විසින් සිය භාරයට ගනු ලැබූ නෞකාවේ ශ්‍රී ලාංකිකයින්ද සිටින බවට විදෙස් මාධ්‍ය පවසනවා.
ඉරානයේ නිරිත දිග ප්‍රදේශයේ බුසේර් නගරයේ සිට අරාබි මුහුදේ මෙම නෞකාව ඉන්ධන ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ටෝගෝ ධජය යටතේ යාත්‍රා කර ඇති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 12 දෙනෙකු සිට තිබෙනවා.
ඔවුන් ඉන්දීය ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් බවටයි අනාවරණය වී ඇත්තේ.