මෙරට ඉරාන තානාපති ආචාර්ය ඒ ඩෙල්ක්‍රොෂ් මහතාට පහර දුන් පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පලායාමට උත්සාහ දරන මෝටර් රථය නැවත්වීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙක් .
සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල













