මෙරට ඉරාන තානාපති ආචාර්ය ඒ ඩෙල්ක්‍රොෂ් මහතාට පහර දුන් පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පලායාමට උත්සාහ දරන මෝටර් රථය නැවත්වීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙක් .
සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
- බොරැල්ල, කනත්ත හන්දියේ මාරක අනතුරක්
- මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා
- පහරදීමකින් තරුණයෙකු මරුට
- ජනපති මාලදිවයින බලා පිටත්ව යයි
- යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
- කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
- පළාත් දෙකකට සිහින් වැසි