
ඉරානය සමග සාකච්ඡා ලබන සඳුදා ඇරඹෙන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත්, එම ගිවිසුම අවසන් කළ යුතු නිශ්චිත කාලසීමාවක් තමන් නියම නොකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා. ගිවිසුමක් ඇති කර ගැනීම තම ප්‍රමුඛ අරමුණ බවත්, යුධ ක්‍රියාමාර්ගයකට වඩා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වඩාත් යෝග්‍ය බවත් ඔහු පවසා තිබෙනවා. ඉරානයට එරෙහිව විශාල හමුදා ප්‍රහාරයක් සලකා බැලූ බවට පළ වූ වාර්තා අතරතුරදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. එහෙත් කලාපීය රාජ්‍යයන්ගේ ඉල්ලීම් සහ ගිවිසුමකට පැමිණිය හැකි බවට ඇති අපේක්ෂාව හේතුවෙන් එම ප්‍රහාරය අත්හිටුවීමට තීරණය කළ බවයි
ට්‍රම්ප් සඳහන් කර තිබෙන්නේ.














