වයඹ දිග ඉරානයේ තුර්කි දේශසීමාව ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා .
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි .
බලපෑමට ලක් වූ ඇතැම් ප්‍රදේශවල හිම පතනය සහ විදුලි කප්පාදුව හේතුවෙන් පුත්ගලයින් මුදා ගැනීමට අපහසු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .
නගරයේ නිවාස රැසක් ද භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි සදහන්.