ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
හර්යානා සහ කර්නාටක ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසය ආසාදිත 90 දෙනෙකු ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරනවා.