ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් දෙක බැගින් ඊයේ(31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කර තිබෙනවා.
ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 279ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277ක් දක්වා රුපියල් දෙකකින් පහත දමා තිබෙනවා.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 292ක් දක්වා පහත ගොස් ඇත්තේ එම මිලද රුපියල් 2කින් පහළ දැමීමත් සමගින්.
කෙසේ වෙතත් ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරේ 4, ලංකා භූමිතෙල් හා ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 මිල ගණන් සංශෝධනය වී නැහැ.
ඒ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 323කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 182කටත් ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක් 340කටත් තවදුරටත් අලෙවි කෙරෙනවා.












