ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක් බවයි..
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ආර්ථික සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි එම වාර්තා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














