ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම සදහා දශක දෙකකට වැඩි කාලයක් සාකච්ඡා කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එම සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාවය ලබා දී ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ලෝක බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයට සහයෝගය දක්වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.