ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 21 දෙනෙකු මුදවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නෞකාව ඉන්දියාවේ විජින්ජාම් වරායේ සිට ඉන්දියාවේ කොචි වරය බලා පිටත්ව යමින් සිටියදී නෞකාව මෙලෙස අනතුරට පත්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කලා.
නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග ඇති වූ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වන අතර එම නෞකාව ඉන්දියානු වේලාවෙන් රාත්‍රි 10 වන විට කොචි වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණ බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබෙනවා.