ආසියානු කුසලාන ක්‍රිකට් තරගවාලියේ ඉන්දියාව සහ ඕමානය අතර පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් පමණි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සංජු සැම්සන් ලකුණු 56ක් අබිශේක් ශර්මා ලකුණු 38ක් Tilak Varma ලකුණු 29ක් ලබාගැනීමට සමත් වූළුා.
Axar Patel ලකුණු 26කට දැවී ගියා.
නොදැවී පන්දුවට පහර දුන් Harshit Rana ලකුණු 13ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Shah Faisal, Jiten Ramanandi සහ Aamir Kaleem කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
ජයග්‍රහණය සඳහා ලකුණු 189ක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.
එහිදී ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Aamir Kaleem ලකුණු 64ක්ද Hammad Mirza ලකුණු 51ක්ද Jatinder Singh ලකුණු 32ක්ද ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Hardik Pandya, Arshdeep Singh, Harshit Rana සහ Kuldeep Yadav එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ඉන්දීය කණ්ඩායමේ Sanju Samson ය.