ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දුවට පහරදීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත් වූවේ සහිබ්සාඩා රහ්මන්ය.
ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 40ක්.
මේ අතර සහීන් ෂා අෆ්රිඩි නොදැවී ලකුණු 33ක් ලබාගැනීමට සමත් වූවා.
ෆකර් සමාන් ලකුණු 17ක් ලබාගැනීමට සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙන් ලකුණු 15 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ කුල්දීප් යාදෙව් කඩුලු තුනක්ද ජස්ප්‍රිට් බුම්රා සහ ඒසර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
හර්ද්‍රික් පාන්ඩ්යා සහ වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 128ක් ලබාගත යුතු වනවා.