සංවර්ධන හෝ වෙනත් කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය වන්නේ නම් කොළඹ පවතින රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් ලබාදීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
සවිමත් අනාගතයකට පෙරවදනක් යන තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේදී සංවිධාන කර තිබූ වැඩසටහනකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
මේ අතර ගම් පළාත්වල ඇති රජයේ ඉඩම් ඉදිරියේදී ආර්ථික වැඩකටයුතුවලට යොදාගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.