එංගලන්තයේ ඈන් කුමරිය නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඇය ලබන 13 දක්වා මෙරට සංචාරය කරනු ඇති.
ඈන් කුමරිය සමග ඇයගේ සහකරුවන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ බි්රතාන්යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව වෙනුවෙන් සහභාගී වීම සඳහා ඇය ශ්‍රී ලංකාවට පැමිනිමට නියමිතයි.
1995 වසරේ දී ද ඇය මෙරටට පැමිණ තිබෙනවා.
ඈන් කුමරියගේ මෙරට සංචාරය මෙම වසරේ බි්රතාන්ය රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය ද වනවා
ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණියයි.