ඇෆ්ගනිස්ථාන ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකුට සමබාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන ක්රිකට් ආයතනය පවසන්නේ මෙම ක්රීඩකයින් ජාතික කණ්ඩායම සහභාගි වන තරගවලට වඩා ෆැන්චයිස් ලීග් තරගවලට මුල්තැන ලබාදෙන බවයි.
ඒ අනුව දගපන්දු යවන ක්රීඩක මුජිබ් උර් රහමන්, වේග පන්දු යවන ක්රීඩකයින් වන ෆසල් හක් ෆරූකි සහ නවීන් උල් හක්ට මෙලෙස සම්බාධක පනවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තීරණයත් සමග මෙම ක්රීඩකයින් තිදෙනාට 2024 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.