ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
බග්ලන් පළාතේ දිස්ත්‍රික්ක පහකට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
පසුගිය සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් ඇතිවී තිබෙන බවත් විදෙස් වාර්තාවල සඳහන්.
මෙම තත්වය හමුවේ 200කට වැඩි පිරිසක් තම නිවෙස් තුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ.