
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්යය බලශක්ති ව්‍යාපෘතිය වන Canal-Top Solar ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. ඒ මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතවයි. කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයක් වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට විශාල පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක් කිරීමට ඇති හැකියාව මතයි මෙම ඇළ මාර්ගය මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගෙන ඇත්තේ.














