අයගම, කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇයගේ 16 හැවිරිදි දරුවෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව සහ දරුවා පොලිසිය විසින් අයගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අසල්වැසියන් පිරිසක් සමග ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවටයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලිසිය පොලසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













