ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ අනුව ලබා දී ඇති උපදෙස් පරිදි සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසන්නේ. මේ අතර දන්සල් පරික්ෂාව අද දවස පුරා සිදු කෙරෙන අතර ඒ වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 කට ආසන්න නිළධාරින් පිරිසක් සේවයේ යෙදී සිටින බවද සඳහන්.