මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක් පවතින බවත් එම නිසා පෙරහර මංගල්‍යයට අලි ඇතුන්ලබා ගැනීමේ අපහසුතාවයකට පත්ව සිටින බව ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැති රැස්වීමේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් සඳහන් කළා
ශ්‍රී ලංකාවේ දැනට හීලෑ අලි ඇතුන් සිටින්නේ අනූහය දෙනෙකු බවත් මීට අවුරුදු විස්සකට ප්‍රථම 225ක් අලි ඇතුන් සිටිය බවත් නමුත් කාලයාගේ ඇවෑමෙන් එය අනූ හය දක්වා අඩු වී ඇති බවද සඳහන් කළා
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සමයේම රත්නපුර ශ්‍රී සමන් දේවාලයේ පෙරහරත් පැවැත්වෙන නිසා අලි ඇතුන් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව දියවඩන නිලමේ තුමන් සඳහන් කළා මෙම රැස්වීමට පැමිණ සිටි මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේතුමන් හේමන්ත බණ්ඩාර නිළමේතුමා මෙම අලි ඇතුන් ගැටළුව පිළිබඳව අද පැවති සාකච්ඡාවේදී සඳහන් කළා
ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු විය යුතු බවත් නැත්නම් පෙරහැර මංගල්‍යයන් අලි ඇතුන් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්විය හැකි බව ත් ඒ නිසා මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු විය යුතු බවද විශේෂයෙන් සඳහන්කළා ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින දියවඩන නිලමේතුමාද එසේ සඳහන් කළා