ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබු බව විදෙස් වාර්තාවල දැක්වුණා. රික්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්ත වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඇලස්කාවේ, සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87 ක් දුරින් සහ කිලෝමීටර් 20 ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













