ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ මෙරටට පැමිණ තිබෙනවා.
ඊයේ රාත්රී 07 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණි බවයි ගුවන්තොටුපල වාර්ථාකරු සදහන් කළේ.
මෙම පිරිස පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණා.