විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවරම් පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ බව පවසමින් විදේශ රැකියා ලබා දීම මුදල් ලබා ගැනීමේ ජාවාරම් ක්‍රියාත්මක බවයි අනාවරණ වී ඇත්තේ.
තමන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ කිසිවකු මෙවැනි ගණුදෙනුවකට සම්බන්ධ නොමැති බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේ.
විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ නීත්‍යාණුකුල විදේශ රැකියා ආයතන මගින් පමණක් බව ද ඔහු සදහන් කළා.
ඊට පරිබාහිර වෙනත් කිසිදු පාර්ශවයකට විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කළ නොහැකි බවත් එලෙෂ මුදල් ලබා ගැනීම නීති විරෝධි බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටියා.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














