විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවරම් පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ බව පවසමින් විදේශ රැකියා ලබා දීම මුදල් ලබා ගැනීමේ ජාවාරම් ක්‍රියාත්මක බවයි අනාවරණ වී ඇත්තේ.
තමන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ කිසිවකු මෙවැනි ගණුදෙනුවකට සම්බන්ධ නොමැති බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේ.
විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ නීත්‍යාණුකුල විදේශ රැකියා ආයතන මගින් පමණක් බව ද ඔහු සදහන් කළා.
ඊට පරිබාහිර වෙනත් කිසිදු පාර්ශවයකට විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කළ නොහැකි බවත් එලෙෂ මුදල් ලබා ගැනීම නීති විරෝධි බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටියා.
උණුසුම් පුවත්
- Glory Casino Login.21025
- මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට
- 1win зеркало сайта букмекерской конторы 1вин.479 (2)
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
- වර්ශාපතනය සම්බන්ධයෙන් නිවේදනයක්
- ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට හිටපු ජනපති සහ මැති ඇමතිවරු රැසක්…
- රටේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක්
- ධීවරයින්ට කාළගුණය පිළිබද විශේෂ නිවේදනයක් – VIDEO











