ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිරිපිටි, සෝයා , හාල්මැස්සන් , බාස්මති සහල් මිල අද සිට අඩු වනු ඇති.
එමෙන්ම දුඹුරු සීනි, අර්තාපල් , කඩල , සුදු ලුණු , සහ රතු කැකුළු මිල ද මෙලෙස අඩු කරන බවයි ලංකා සතොස ආයතනය නිවේදනය කළේ.
දිවයිනපුරා පිහිටි ලංකා සතොස ශාඛා මගින් නව මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩල මිල දී ගත හැකි බව සතොස ආයතනය සදහන් කළා.