Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන්ද දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන්ද දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, නොවැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන්ද දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන්ද දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16කියවීමට මිනිත්තු 3ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය බලශක්ති වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුල් වෙයි ! අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගම හිමිකර ගනියි !

    ශ්‍රී ලංකාවේ බලශක්ති හා ඉංජිනේරු ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ගෞරවයක් එක් කරමින්, LTL හෝල්ඩිංග්ස් අනුබද්ධ ලක්දනවි සමාගම ඉන්දියාවේ අන්දමන් දූපතේ මෙගාවොට් 57ක (57 MW) ස්වාභාවික වායු මත පදනම් වූ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක් පමණ) දැවැන්ත කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට සමත්ව තිබේ.

    ඉන්දීය රජයට අයත් NTPC Limited හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) විසින් පවත්වන ලද ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් (ICB) ක්‍රියාවලියේදී අවම ලංසුව (L1) ඉදිරිපත් කරමින් ලක්දනවි සමාගම මෙම ව්‍යාපෘතිය දිනා ගෙන ඇත.

    මෙම ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) පූර්ණ වගකීම් සහිත (turnkey) ගිවිසුම පසුගිය 2026 සැප්තැම්බර් 21 වන දින ඉන්දියාවේ නොයිඩා හි NTPC කාර්යාල සංකීර්ණයේදී නිල වශයෙන් අත්සන් තැබිණි. NVVN, ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර එහිදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම අනාගත සහයෝගීතා අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

    අන්දමන් දූපත් හි, පෝට් බ්ලෙයාර්, හෝප් ටවුන්හි ඉදිවන මෙම බලාගාරය මගින් අන්දමන් දූපතේ විදුලි යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, LNG යටිතල පහසුකම් ඔස්සේ දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ කලාපයේ අනාගත ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම අපේක්ෂා කරයි. මෙහි විදුලි ජනක යන්ත්‍ර ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම විසින් සපයනු ලබන අතර, සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි සමාගමේ ඉංජිනේරු කණ්ඩායම විසින් දරනු ලබයි.

    1990 දශකයේ අගභාගයේ LTL හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත ලක්දනවි සමාගමට ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) ලෙස විදුලි උත්පාදනයේත්, තාප සහ පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා මෙහෙයුම් හා නඩත්තු (O&M) සේවා සැපයීමේත් දශක ගණනාවක පළපුරුද්දක් ඇත. බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයිනේ ද සාර්ථකව ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති සමාගම, මෙම නව ගිවිසුම සමඟ ඉන්දියාවේ විදුලි බලාගාර EPC වෙළෙඳපොළට පිවිසෙමින් සිය කලාපීය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරගෙන ඇත.

    ආශ්‍රීත පුවත්:  අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

    විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ නියැලෙන LTL හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවේ විදුලි බල අංශයේ විශාලතම සමාගමයි. ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ යුරෝපීය සමාගමක හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ LTL හෝල්ඩිංග්ස් හි කොටස්වලින් 35%ක් හිමි වන්නේ බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින, ශ්‍රී ලංකා රජයට අයත් NTNSP ආයතනයටයි.

    මේ අතර, LTL හෝල්ඩිංග්ස් කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ලක්දනවි සමාගම ලද ජයග්‍රහණය පිළිබඳව රජයේ සතුට හා ප්‍රශංසාව පළ කර ඇත. ඉන්දියාව වැනි විශාල හා අතිශයින් තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

    මේ සම්බන්ධව අදහස් දක්වමින් ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නුහුමාන් මරික්කාර් මහතා සඳහන් කළේ, මෙය ලක්දනවි සමාගමට සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයටම ලැබුණු කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි. සමාගමේ තාක්ෂණික හැකියාවන්, කණ්ඩායමේ කැපවීම සහ දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශයන්හි ද සංකීර්ණ විදුලි යටිතල පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට ඇති හැකියාව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ගිවිසුමෙන් මනාව පිළිබිඹු වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. තවද ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට NVVN සමඟ සමීපව කටයුතු කිරීමට සමාගම බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

    ඉන්දියාවෙන් මෙරටට ලැබෙන ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ පමණක් දිගුකාලීනව දක්නට ලැබුණු ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සබඳතා, මෙම ව්‍යාපෘතියත් සමඟ නව මාවතකට පිවිස තිබේ. විදේශීය වෙළෙඳපොළ තුළ පවතින අවස්ථා කැපවීමෙන් යුතුව ජය ගැනීමට ශ්‍රී ලාංකේය සමාගම්වලට ඇති හැකියාව මෙමගින් තහවුරු වන අතර, දෙරට අතර ආර්ථික බැඳීම් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමට මෙය ප්‍රබල උත්තේජනයක් සපයයි.

    #sri lanka #vfm news #srilanka #president Current Affairs election lakdanaw NTPC Limited NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) Wärtsilä Corporation ලක්දනවි සමාගම
    පෙර පුව​තCvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන්ද දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group