2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.
ඒ ඕමාන සහ පාකිස්තාන කණ්ඩායම් අතරයි.
දෙරට අතර මෙම තරගය ඒ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙනු ඇති.
මෙරට වේලාවෙන් රාත්‍රී 08.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕමාන සහ පාකිස්තාන කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරන පළමු අතරගය හෙට පැවැත්වෙනවා.
ඒ බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනු ඇති.
මෙරට වේලාවෙන් රාත්‍රී 08.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.