ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, ප්‍රසාද ලකුණු 2 ක් සහ 0.689 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරමින්.
දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 2 ක් හා 0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කර ඇති බංග්ලාදේශ කණ්ඩායමට හිමිව තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
ඒ, සෘණ 0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරමින්.
එමෙන්ම අවසන් ස්ථානය පාකිස්ථාන කණ්ඩායම විසින් හිමිකරගෙන තිබෙනවා.
ඔවුන් වාර්තා කර ඇති දල ශුද්ධ ලකුණු වේගයක් සෘණ 0.689 ක්.