උඩරට දුම්රිය මාර්ගයේ බිතාන්‍ය ජාතිකයින්ගේ විශ්මිත නිර්මාණයක් හා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනූ දෙමෝදර ආරුක්කු නවය පාලමේ ස්ථානීය පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.
ඒ එහි හටගෙන තිබෙන ජල කාන්දුව නැවැත්විමට විසඳුම් යෙදීමටත් නිර්දේශ ලබාගැනීමත් සදහායි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුලු නිළධාරින් පිරිසක් මේ සදහා හකි වී තිබුණා.
පසුගියදා ආරුක්කු නවය පාලමේ සියලුම අවදානම් ස්ථාන පරීක්ෂාවට ලක්කර නිර්දේශ ලබාගැනීම සිදු කළ බවයි සඳහන් වන්නේ .
අඩි 300ක් දිග,අඩි 80ක් උස සහ අඩි 25ක් පළල පාලමේ තිබෙන කුලුණු අතරින් විශාල වශයෙන් සිදුවන ජල කාන්දුව නවත්වා ගැනීම මෙහි අරමුණයි.
ආරක්කු නවය පාලමේ කුළුණු ඉදිකිරීමට උපයෝගි කරගෙන තිබෙන කොන්ක්‍රීට් ගල් අතරින් ගලාඑන ජල පහරවල් නැවැත්වීමටත්,පාලම යට වැඩෙන ගස් කපා දමා සෝදාපාලුවට ලක්වන භුමිය ආරක්ෂා කිරිමටත් කටයුතු කිරීමට මෙහිදී තීරණය කර තිබුණා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













