උඩරට දුම්රිය මාර්ගයේ බිතාන්‍ය ජාතිකයින්ගේ විශ්මිත නිර්මාණයක් හා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනූ දෙමෝදර ආරුක්කු නවය පාලමේ ස්ථානීය පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.
ඒ එහි හටගෙන තිබෙන ජල කාන්දුව නැවැත්විමට විසඳුම් යෙදීමටත් නිර්දේශ ලබාගැනීමත් සදහායි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුලු නිළධාරින් පිරිසක් මේ සදහා හකි වී තිබුණා.
පසුගියදා ආරුක්කු නවය පාලමේ සියලුම අවදානම් ස්ථාන පරීක්ෂාවට ලක්කර නිර්දේශ ලබාගැනීම සිදු කළ බවයි සඳහන් වන්නේ .
අඩි 300ක් දිග,අඩි 80ක් උස සහ අඩි 25ක් පළල පාලමේ තිබෙන කුලුණු අතරින් විශාල වශයෙන් සිදුවන ජල කාන්දුව නවත්වා ගැනීම මෙහි අරමුණයි.
ආරක්කු නවය පාලමේ කුළුණු ඉදිකිරීමට උපයෝගි කරගෙන තිබෙන කොන්ක්‍රීට් ගල් අතරින් ගලාඑන ජල පහරවල් නැවැත්වීමටත්,පාලම යට වැඩෙන ගස් කපා දමා සෝදාපාලුවට ලක්වන භුමිය ආරක්ෂා කිරිමටත් කටයුතු කිරීමට මෙහිදී තීරණය කර තිබුණා.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













