ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද සිට ආරම්භ කළ බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පිහිටුවනු ලැබූ කමිටුවක් මගින් මෙම තක්සේරු කිරීම් සිදු වනවා.
ඒ අනුව නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000 ක මුදලක් ලබා දෙන අතර නැවත පදිංචියට රුපියල් 50,000 ක මුදලක් නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමනක් ලබා දීමට රජය කටයුතු කරනවා.
එමෙන්ම ආපදාවෙන් නිවාස අහිමි හෝ සම්පූර්ණයෙන්ම ජීවනෝපාය අහිමි වු පවුල් සදහා සාමාජිකයන් දෙදනෙකු හා ඊට අඩු පවුල්වලට රුපියල් 25,000 ක් ද සාමාජිකයන් දෙදෙනෙකුට වැඩි පවුල් සඳහා රුපියල් 50,000 ක් ද මාස තුනක් යන තුරු ලබාදෙනු ඇති.
පදිංචි වීමට නිවසක් නොමැති පවුල්වලට කුලී නිවසක රැදී සිටීමට උපරිම මාස හයක් දක්වා රුපියල් 25,000 බැගින් ලබා දීමට ද රජය තීරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
- අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල
- සියඹලාණ්ඩුවේ මළගෙදරක යන්න ගිය 7 දෙනෙක් ළඟ මත්ද්‍රව්‍ය
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර













