‘දිට්වා‘ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය දැන්ම් දී තිබුණා.
මේ අතර, පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් රුපියල් මිලියන 1,576 ක් පාඩුවක් දළ වශයෙන් පොල් ආශ්‍රිත කර්මාන්ත සදහා සිදුව ඇති බවයි.
උණුසුම් පුවත්
- ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
- කාළගුණයෙන් රතු එලි
- කාලගුණයෙන් රතු නිවේදනයක්
- කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
- ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි












