ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් අතුරින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 86,147කට අයත් පුද්ගලයින් 330,443ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවයි එම නිවේදනයේ දකිවා ඇත්තේ.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 80,375කට අයත් පුද්ගලයින් 287,364ක්පීඩාවට පත්ව තිබෙනවා.
එමෙන්ම පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 640ක් සිදුව තිබෙනවා.
මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 234ක්.
දෙවැනියට වැඩිම මරණ ප්‍රමාණයක් වන මරණ 90 ක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් .
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 61ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 36වාර්තා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














