දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කර තිබෙනවා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් සමඟ ඊයේ පැවැත්වූ දුරකථන සංවාදයකදයකට එක් වෙමින්.
ගංවතුර හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය මෙහිදී ප්‍රකාශ කර තිබුණා.
පවතින අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දෙන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
එමෙන්ම ආපදාවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සහ ඉදිරියේදී ලබාදිය හැකි සහයෝගීතාව පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කර තිබුණා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ













