රජයක් වශයෙන් මේ වන විට පත්ව ඇති ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට ඇප කැප වන බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.
ආපදාවන්ට ලක්වූවන්ට තම ජිවිතය නැවත යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දීම රජයේ වගකීමක් බව ද ඔහු සදහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාතික නාමල් උයනේ පැවති වැඩසටහනකට එක්වෙමින්.










