ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා .
පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම හා ඒ තුළින් දේශීය පොල් මිල පහත හෙළිමේ අරමුණින් මෙලෙස පොල් කිරි ආනයනය සිදු කරනු ලැබුවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය හා කාර්මාන්ත අමාත්‍යංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතිය අනුව මෙම පොල් කිරි තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වුනේ. .
එමෙන්ම, මෙම ගෙන්වන ද්‍රව්‍ය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතයි.
එමෙන්ම මෙම තොගය විවෘත කිරිමේ අවස්ථාව හෙට උදෑසන 9.00 ට ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදි සිදු කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශ සඳහන කළේ..
උණුසුම් පුවත්
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්











